පසුගියදා කිසියම් මිතුරෙක්ට අතරමග තැනකදී පොතක් දෙන්න හදන අවස්ථාවේ.
යාචකයෙක්ගේ පෙනුම තියෙන පුද්ගලයෙක් අප වෙත සමිප වුණා. දොර විවෘත වෙලා
තියෙන මෝටර් රථයේ ඇති පොත් දිහා ඔහු උවමනාවෙන් බලාගෙන හිටියා.
”මහත්තයාට මෙච්චර පොත් කොහෙන්ද?” ඔහු කෙලින්ම ඇහුවා.
”ඔයා පොත් කියවනවාද?” මම ඇහුවා.
ඒ අවස්ථාවේ ඔහු මගේ මෝටර් රථයෙන් බිමට වැටුණ පත්තර කෑල්ල අතට ගත්තා.
එහි තිබුණේ සරසවතී දේවතාවිය ගැන කිසියම් විස්තරයක්. ඔහු එය කියවනවා මම
දැක්කා.
”මහත්තයා මම මේක ගන්නද?”
”කමක් නැහැ. ඔයා කියවන්න ආසද?”
”ඔව්.”
”කියවන්න ආස නම් ඔයා මේ පොතත් කියවන්නකෝ.”
මම ඔහුට පොත දෙන අතරතුර එතන හිටිය ඔහු ගැන තරමක් දන්න කෙනෙක් මට
මෙහෙම රහසින් වගේ කිව්වා.
”මහත්තයා මෙයා දෙමළ. මෙයාට සිංහල කියවන්න බැහැ. අපරාදේ පොත.”
”මේ පොතේ නම ජීවිතය වෙනස් කරන කතා. මට සිංහල කියවන්න පුළුවන්.” අපගේ
රහස් කතාව වටහාගත් ඔහු මගේ දිහා බලලා එහෙම කිව්වා.
සිංහල පොත් කියවන්න බැහැ කියලා බොහෝ දෙනාට පෙනෙන දෙමළ මිනිසා පාර
අයිනේ වාඩිවෙලා පොත කියවන්න පටත් ගත්තා. මම එතැනින් පිටත්වුණා.
අපි අවසන් නිගමනයට ඉක්මන් නොවෙමු…