BOOKS

img
img by Kelum Weligama

තරගයේ වීරයා - Man of the Match Motivational Session conducted by Kelum Weligama

තරගයේ වීරයා පුද්ගල සංවර්ධන වැඩසටහන කැලුම් වැලිගම පවත්වන සුවිශේෂ වැඩසටනකි. කැලුම් වැලිගම රචනා කළ වඩාත් කතාබහට ලක්වුණ කෘතියක් වන “තරගයේ වීරයා” කෘතියේ අන්තර්ගත පුද්ගල සංවර්ධන රහස් 11 පිළිබද මෙහිදී දීර්ඝව විග්‍රහ කරයි. මෙම වැඩසටහන එක් දින වැඩමුළුවක් ලෙස හෝ පුද්ගලිකව එක් එක් අය සදහාද පවත්වයි. ජීවන ක්‍රිඩාවේදී තරගයේ වීරයෙක් වෙන්න සිහින මවන ඕනෑම කෙනෙක්ට වෙලාවක් වෙන් කරගෙන කැලුම් වැලිගම හමුවී මෙම සුවිශේෂ පුද්ගල සංවර්ධන වැඩසටහනේ හරය සහ අරුත ජීවිතයට පෞද්ගලිකව තනි පුද්ගල වැඩසටහනක් මගින්ද ජීවිතයට මුසු කර ගත හැකිය. එය හුදු උපදේශණ වැඩසටනක් පමණක් නොවන අතර ඊට විවිධ ක්‍රියාකාරකම්, සංවාද රැසක් අන්තර්ගත කර ඇත.

තරගයේ වීරයා වැඩසටහන කා සදහාද? ව්‍යාපාරිකයන්, කළමනාකරුවන්, කලාකරුවන්, පරිපාලකයන්, විධායකයන්, පාසල් සිසු සිසුවියන්, විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන් ඇතුළු ඕනෑම ක්ෂේත්‍රයක නියැලෙන පිරිස් සදහා එම එක් එක් ක්ෂේත්‍රයට අදාළ සිද්ධි අධ්‍යන සද සංකල්ප භාවිතයෙන්තරගයේ වීරයා වැඩසටහන පවත්වයි. ඔබ තුළ නිධන්ව තිබෙන ඔබ හදුනා නොගත් සුවිශේෂ දක්ෂතා සහ හැකියාවන් වටහාගෙන, සාර්ථක ජීවන පුරුදු ස්ථාපනය කරමින් ජීවිතයට තේරුමක් දුන් විශිෂ්ට මිනිසෙක් ලෙස ඉතිහාසයට එකතු වීමට අපේක්ෂා කරන්නේ නම් තරගයේ වීරයා වැඩසටහනට සිය ජීවිත කාලය තුළදී එක් වරක් හෝ සහභාගී වීම ජීවිතයට අමතක නොවන අත්දැකීමක් එක් කරනු ඇත.

තරගයේ වීරයා වැඩසටහන පිළිබද තොරතුරු ඇතුළත් කෘතිය ගෙන්වා ගැනීමට ඔබේ ඊ මේල් ලිපිනය kelumweligama@gmail.com වෙත Man of the match session යන මාතෘකාව යටතේ එවන්න.

තරගයේ වීරයා වැඩසටහනේදී හෙළි කරන සංකල්ප 11න් කිහිපයක් පහත දැක්වේ.
  • ඔබ හිතනවට වඩා ඔබ විශාලයි
  • සියලු උත්සාහාවන්තයෝ ජය නොගනිති
  • මම ඔයාගේ කණ්ඩායමේ..ඔය මගේ කණ්ඩායමේ
  • ජීවිතයේ 33:33:34 නිතිය
  • භාණ්ඩයක් නොවී සන්නමක් වෙන්න
තරගයේ වීරයා කෘතිය පිළිබද තරගයේ වීරයන් කිහිප දෙනෙක් දැක්වූ අදහස්.....